Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2016 10:05:04 Hours

නව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව විවෘත කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස් විසින් එම මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ නව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව සෙනසුරාදා (17) දින විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණා විසින් ඔහුගේ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සංචාරය අතරතුර දී මෙම කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව ද විවෘත කරනු ලැබීය.

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඒ.ඩී.එම්.ජී ගුණසේකර ගේ මඟපෙන්වීම යටතේ සියලුම සෙසු නිලයින්ගේ දායකත්වයෙන් මෙම නව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව ඉදි කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Adidas shoes | Nike Running