Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2016 11:00:26 Hours

පොදු සමා කාලය 2016 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වේ

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 2016 දෙසැම්බර් මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි (දෙසැම්බර් 1 -31) දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය තුලදී අඟහරුවාදා (19) දින පස්වරුව වන විට යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 2494 දෙනෙකු නිත්‍යානුකූව සේවයෙන් ඉවත් වීම සඳහා වාර්ථා කර ඇත.

එම දින 19 ක කාලය තුල යුද හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 2983 දෙනෙකු දිවයින පුරා පිහිටි ඒ ඒ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත සේවයෙන් ඉවත්වීමේ බලාපොරොත්තුවෙන් වාර්ථා කර ඇත.

මෙහිදී සේවයෙන් ඉවත්වීම සඳහා ඉල්ලුම් කළ සමහරක් අයවලුන් හට පරිපාලන මය අවශ්‍යතා නිසා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත් විම සඳහා දීර්ඝ කාලයක් ගත වේ.

එමෙන්ම මෙතෙක් සේවයෙන් ඉවත්වීම සඳහා වාර්ථා කර නොමැති නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින අයවලුන් හට 2016 දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රථම තම රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්ථා කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

latest Running Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov