2021-05-08 19:54:38
යුද්ධ හමුදාව විසින් වැඩිදියුණු කරන ලද සීදූවේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 රෝගීන් සඳහා වූ විශාලතම රෝහල අද (08) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිරීක්ෂණය කළේය. එම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින අතර එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම සංචාරය සඳහා එක්වූහ.
2021-05-06 22:14:20
කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතී. මෙම රෝහල සීදූව ප්‍රදේශයේ පිහිටා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට මෙම රෝහල ගාස්තු අයකිරීමකින් තොරව පහසුකම් සපයන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. නවීනතම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත...
2021-05-04 20:30:37
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (04) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-04-29 22:00:14
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ප්‍රධානීන් කැඳවා බ්‍රහස්පතින්දා (29) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී, රට දැඩි ලෙස වෛරසයට ගොදුරු වෙමින් පවතින මෙම අවස්ථාවේදී වාද බේද නොතකා එය පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළගැසෙන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී මාධ්‍ය වෙත කියා සිටියේය.
2021-04-27 22:38:49
කොවිඩ් - 19 වෛරසයේ නව ව්‍යාප්තියත් සමඟ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් හා අනෙක් පාර්ශවකරුවන් පසුගිය 27 වනදා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
2021-04-23 08:02:39
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 133 වන සංවත්සරයට සමගාමීව පැවති රණවිරු සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
2021-04-21 08:46:15
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩය (Combat Convoy Company) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුභපැතුම් මධ්යයේඅද (21) දින උදෑසනදිවයිනෙන් පිටත්වූහ.
2021-04-20 21:31:48
සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් හා සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදානුකූලව පිලියෙළ කරන ලද තේපැන් සංග්‍රහයක් අද (20) දින උදෑසන පැවැත්විණි.
2021-04-14 00:37:29
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය සම්පන්න, සාමකාමී සහ සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2021-04-12 19:56:16
යාපනයේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාවට සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (12) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූයේය. උත්සව සමයේදී සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව කඳවුරු තුළ රාජකාරි වල නිරත හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් අමතා...