16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා පවත්වනු ලබන බලඇණිය සතු උපකරණ පරීක්‍ෂාව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නිලධාරීන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 2026 පෙබරවාරි මස 16 දින නකූරා හි පිහිටි ශ්‍රී කඳවුරේදී සිදු කරන ලදී.
ජර්මානු බුන්ඩස්වෙර් ගුවන් හමුදාවට අයත් විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ හමුදා පුහුණු කණ්ඩායමක් 2025 නොවැම්බර් මස 26 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්හට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමේදී ලබාදෙනු ලබන උසස් ක්ෂේත්‍ර පුහුණුව පිළිබඳව තක්සේරු කිරීම සිදුකරන ලදී.
ශ්‍රී ලංකා සාම සාධක භටපිරිස් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීම සඳහා සිදුකරන ලද ආරාධනයකට අනුව, ජර්මානු සන්නද්ධ හමුදාවට අයත් නිලධාරින් සත් දෙනෙකුගෙන් යුත් පූර්ව නිරීක්‍ෂණ කණ්ඩායමක්, 2025 නොවැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2025 වසරේ දෙවන සහ අවසාන කාර්තුව සඳහා පවත්වනු ලබන බලඇණි සතු උපකරණ පරීක්ෂණය සඳහා සාර්ථකව මුහුණ දෙන ලදී. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 2025 නොවැම්බර් මස 19 දින නකූරා හි පිහිටි ශ්‍රී කඳවුරේදී මෙම පරීක්ෂණය සිදු කරන ලදී.
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ඔක්තෝබර් මස 23 දින නකූරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ‘Flavours without Borders’යන තේමාව යටතේ පැවති ජාත්‍යන්තර සංස්කෘතික සහ ආහාර සැණකෙළිය සඳහා සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ භටකාර්ය සම්පාදක නිලධාරීන්ගේ පාඨමාලාව අංක - 07, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2025 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝබර් මස 10 දින දක්වා පවත්වන ලදී.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු කපිල ජයවීර මහතා 2025 ඔක්තෝබර් මස 03 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී, එරට බලකායේ අණදෙන නිලධාරි සහ දූත ප්‍රධානි හමුවී සුහද කථා බහක නිරත විය.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට 19 දින දක්වා පවත්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් හමුදා සම්බන්ධීකරණ පාඨමාලා අංක 06 හි සමාප්ති උත්සවය 2025 සැප්තැම්බර් මස 19 දින පැවැත්විණි.
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ජූලි මස 04 දින සිය රාජකාරීන් භාරගැනීමෙන් අනතුරුව එම භට කණ්ඩායමේ ප්‍රථම උපකරණ පරීක්‍ෂාව 2025 සැප්තැම්බර් මස 04 වන දින මෙම වසරේ තෙවන කාර්තුව සඳහා සිදුකෙරිණි. ඒ අනුව, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නිලධාරින් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරේදී මෙම උපකරණ පරික්‍ෂාව සිදුකරන ලදී.
නකෞරා ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc (ගජබා රෙජිමේන්තුව) 2025 අගෝස්තු මස 29 දින බේරූට් හි තානාපති කාර්යාලයේදී ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු කපිල ජයවීර මහතා හමුවිය.