13th October 2025
එක්සත් ජාතීන්ගේ භටකාර්ය සම්පාදක නිලධාරීන්ගේ පාඨමාලාව අංක - 07, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2025 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝබර් මස 10 දින දක්වා පවත්වන ලදී.
මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 ඔක්තෝබර් මස 10 දින පැවැත්විණි අතර, පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 24ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 02ක් ඇතුළුව, බංගලාදේශය, ෆීජි, ඉන්දුනීසියාව, මොංගෝලියාව සහ පිලිපීනය යන රටවල විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 06ක් සහභාගී වූහ.
මෙම පුහුණු මණ්ඩලය ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීම පිළිබඳ විෂය කරුණු පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත වූ අතර, මෙම මණ්ඩලයේ නායිකාව ලෙස කැනඩාවේ ට්‍රේසි මාර්ටිනෝ මහත්මිය කටයුතු කළේය. අනෙකුත් විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් ලෙස නෝර්වේහි ස්ටයින් එලින්සන් මහතා, ඩෙන්මාර්කයේ ජෙන්ස් වින්තර් ඇන්ඩර්සන් මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ මාර්ක් ෂෙල්ඩන් ස්පර්ලින් මහතා සහභාගී වූහ.
මෙම අවස්ථාවට පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ගැමුණු හේවා බළකායේ ලුතිනන් කර්නල් පී.එස්.ඩී ද අල්විස් RSP USP psc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය නිලධාරින්ට සහතික ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකයන් සහභාගී වූහ.