23rd February 2026
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා පවත්වනු ලබන බලඇණිය සතු උපකරණ පරීක්‍ෂාව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නිලධාරීන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 2026 පෙබරවාරි මස 16 දින නකූරා හි පිහිටි ශ්‍රී කඳවුරේදී සිදු කරන ලදී.
මෙවර පරීක්‍ෂණයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නිලධාරීන් විසින් කිසිදු නිරීක්‍ෂණයක් සිදු නොකළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් රාජකාරි භාර ගැනීමෙන් පසුව අඛණ්ඩව තෙවන වරටත් සාර්ථකව මෙම පරීක්‍ෂණය සඳහා මුහුණ දෙන ලදී.