25th November 2025
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2025 වසරේ දෙවන සහ අවසාන කාර්තුව සඳහා පවත්වනු ලබන බලඇණි සතු උපකරණ පරීක්ෂණය සඳහා සාර්ථකව මුහුණ දෙන ලදී. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 2025 නොවැම්බර් මස 19 දින නකූරා හි පිහිටි ශ්‍රී කඳවුරේදී මෙම පරීක්ෂණය සිදු කරන ලදී.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම සඳහා යොදා ගනුලබන 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමට අයත් උපකරණ, පරික්ෂණ කණ්ඩායම විසින් පරික්ෂා කළ අතර, එහිදී කිසිදු නිරීක්ෂණ හෝ අඩුපාඩුවක් වාර්තා නොවීය. මෙමගින් ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ මෙහෙයුම් සූදානම සහ උපකරණ නඩත්තු කිරීම සඳහා කණ්ඩායමේ සුවිශේෂී කැපවීම පිළිබිඹු කරන අතර, ඒ අනුව 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය යටතේ රාජකාරි භාර ගැනීමෙන් පසු අඛණ්ඩව දෙවන වරටත් සාර්ථක පරීක්ෂණය සඳහා මුහුණ දෙන ලදී.