සාමසා‍ධක දායකත්වය

දකුණු සුඩානයේ, බෝර් හි පිහිටි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මූලිකත්වයෙන් 2025 මැයි මස 2 දින සමූහ අනතුරු සිදුවීම් කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.


ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම වෙනුවෙන් පදක්කම් ප්‍රධානෝත්සවය 2025 පෙබරවාරි මස 11 දින ලෙබනනය, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී පැවැත්විණි.


මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ගේ නායකත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි මස 10 දින ලෙබනනයේ, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිතුමන් හමුවූහ.


දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.


දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.