ශ්‍රී ලංකා යුද්ධ හමුදා 76වන සංවත්සරය

දශක හතකට අධික කාලයක් ජාතිය වෙනුවෙන් කැපවූ සහ කීර්තිමත් සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දින සැමරුම 2025 ඔක්තෝබර් මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී 2025 ඔක්තෝබර් මස 08 දින පැවැත්විණි.


2025 ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට ආශීර්වාද පතා සිදුකරන ලද සර්ව ආගමික වතාවත්හි අවසානය සනිටුහන් කරමින් සම්ප්‍රදායික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2025 ඔක්තෝබර් මස 6 සහ 7 යන දිනයන්හිදී පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාමය විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගී වූහ.


එළඹෙන 76 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාදය එක් කිරීම සඳහා සර්ව ආගමික වතාවත්වල කොටසක් ලෙස 2025 ඔක්තෝබර් මස 02 දින කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී විශේෂ යාඥාවක් පවත්වන ලදී.


ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු ඇන්ටන් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 01 දින කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීම වෙනුවෙන් සංවිධානය කළ ආගමිකවතාවත් ඵෙතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් 29 දින පවත්වන ලදී.


එළඹෙන ඔක්තෝබර් 10 යෙදෙන 76 යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වූ යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc 2025 සැප්තැම්බර් මස 28 දින සහභාගි වූයේය.


2025 ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වැනි යුද්ධ හමුදා සංවත්සර දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, 2025 සැප්තැම්බර් මස 26 දින වවුනියාවේ ශ්‍රී කන්දසාමි කෝවිලෙහිදී විශේෂ හින්දු 'ආශිර්වාද' පූජාවක් පවත්වන ලදී.


එළඹෙන 76 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා 2025 සැප්තැම්බර් 26 දින අනුරාධපුරයේ පිහිටි ‘අභිමන්සල - 1’ සුවතා නිකේතනය වෙත සංචාරයක නිරත විය.


එළඹෙන ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සැමරුම් දිනයට සමගාමීව, යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවය අද (26) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පැවැත්විණි.