29th September 2025
එළඹෙන ඔක්තෝබර් 10 යෙදෙන 76 යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වූ යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc 2025 සැප්තැම්බර් මස 28 දින සහභාගි වූයේය.
පසුව, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් ඩබ්ලිව්.එම්.ජී අනුර බණ්ඩාර මහතා වෙත පරිත්‍යාගයක් සිදු කරන ලදී.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොළගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.