76 වන යුද්ධ හමුදා සංවත්සරයට කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීම වෙනුවෙන් සංවිධානය කළ ආගමිකවතාවත් ඵෙතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් 29 දින පවත්වන ලදී.

එහිදී කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් බෞද්ධ ආගමික වතාවත් සිදු කරන ලද අතර, පසුව මහසෙන් දේවාලයේ දී විශේෂ පූජාවක් පවත්වන ලදී. අනතුරුව, යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් එම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා කතරගම දේවාලය වෙත පැමිණෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.