76 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

එළඹෙන 76 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාදය එක් කිරීම සඳහා සර්ව ආගමික වතාවත්වල කොටසක් ලෙස 2025 ඔක්තෝබර් මස 02 දින කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී විශේෂ යාඥාවක් පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහ කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් විසින් පිළිගනු ලැබීය. පසුව ප්‍රධාන පූජක රිස්වාන් මවුලවි තුමන් සහ ෂෙයික් හුස්රේන් නවුෆර් මවුලවි තුමන් විසින් යාඥාව මෙහෙය වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ හිටපු සභාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.