සිවිල් ක්‍රියාකාරකම්
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් කුරුණෑගල දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ වයඹ පළාත් ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණය යටතේ, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2025 ජනවාරි මස 28 දින කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමඟාමීව සිදු කරන ලද මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් අධීක්‍ෂණය කරන ලදී.
52 පාබල සේනාංකය විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දේශනයක් පවත්වයි
මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී විසින් 2025 ජනවාරි මස 28 දින මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නායකත්වය, ධනාත්මක චින්තනය සහ පෞර්ෂ සංවර්ධනය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 16 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තබයි
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සතු දැක්මට අනුකූලව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් - නැගෙනහිර ගේ උපදෙස් සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 16 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අරන්තලාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, නැගෙනහිර පළාත් රදගුරුතුමන් හමුවෙයි
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, 2025 ජනවාරි මස 22 දින නැගෙනහිර පළාත් රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් රදගුරුතුමන් හමුවිය.
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්
11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 641 පාබල බලසේනාවට අයත් 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම බලඇණියේ භටපිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් දඹුල්ල කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 21 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් පන්සියගම ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු නිම කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
7 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂ සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ උපදෙස් මත සහ 7 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ කොටසක් ලෙස 2025 ජනවාරි මස 25 දින නාවලඩි සිට රිදීතැන්න ඒ11 (මඩකලපුව සිට පොළොන්නරුව දක්වා) මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, වැලිකන්ද පෙර පාසලේ ළමුන් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 26 දින පවත්වන ලදී.
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හානියට පත් තෙන්නියන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, තෙන්නියන්කුලම් වැව් බැම්මේ පිටවානේ කොටසට සිදුවූ හානියෙන් ඇති විය හැකි තත්ත්වයන්ට කඩිනමින් මුහුණ දීමට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත, 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින එම වැව් බැම්ම සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.