සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදා භටපිරිස් ගංවතුරින් පීඩාවට පත් පුද්ගලයින් දෙදෙනෙකු මුදවාගනී
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් කැබිතිගොල්ලෑව, ඇල්ලේවැව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මුදවාගැනීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.
හොරොව්පොතාන ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට 21 පාබල සේනාංකයේ භටපිරිස් සහන සලසයි
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.පී.එම්. බාලසූරිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානියට පත් ගල්කුලම, මහනොච්චිකුලම් වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
හොරොව්පොතාන ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට 21 පාබල සේනාංකයේ භටපිරිස් සහන සලසයි
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.පී.එම්. බාලසූරිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානියට පත් ගල්කුලම, මහනොච්චිකුලම් වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය වෙතින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව, වී මිලදී ගැනීමෙන් පසුව ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩාවන් 209 ක් භාවිතා කිරීමට ද රජය සැලසුම් කරමින් පවතී.
2025 යාපනය තෛපොංගල් උත්සවය සාර්ථකව පැවැත්වේ
2025 යාපනය තෛපොංගල් උත්සවය 2025 ජනවාරි මස 14 දින 51 පාබල සේනාංක CIMIC උද්‍යානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය. මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ මෙම තෛපොංගල් උත්සවය සඳහා එකමුතුකම සහ සමඟියේ වැදගත්කම පිළිබිඹු කරමින් හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.
55 පාබල සේනාංකය සහ 552 පාබල බලසේනාව ඒකාබද්ධව වෙරළ තීරය පිරිසිදු කරයි
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 55 පාබල සේනාංකයේ සහ 552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 13 දින පුනරීන්, පල්ලිකුඩා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් ‘තිරසාරභාවය සහ පරිසරය වෙනුවෙන් වෙරළ තීරයන් පුනර්ජීවනය කිරීම’ තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මාතර ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව 61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින මාතර, දෙවිනුවර සහ දික්වැල්ල ප්‍රදේශයන්හිදී වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සිය දායකත්වය ලබාදෙන ලදී.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත සෙල්වපුරම් සහ යෝගපුරම් ප්‍රදේශයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරු දැරියන් වෙනුවෙන් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 14 දින CIMIC උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.
16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පනායිනිඩන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.එච්. වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් සිවිල් වැසියන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව 2025 ජනවාරි මස 16 දින මාරයිලුප්පායි ප්‍රදේශයේ පිහිටි පනායිනිඩන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
54 පාබල සේනාංකයේ භටපිරිස් ‘රණවිරු අභිනන්දන පූජා 2025’ වැඩසටහන පවත්වයි
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත, ‘රණවිරු අභිනන්දන පූජා 2025’ සමාරම්භක වැඩසටහන 2025 ජනවාරි මස 10 දින මන්නාරම, තල්ලඩි හිදී පැවැත්විණි. මෙම වැඩසටහන මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් 250 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5,000.00 බැගින් වටිනා පොත් සහ පාසල් බෑග් බෙදා දෙන ලදී.