සිවිල් ක්‍රියාකාරකම්
18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් හානියට පත් අලවත්ත කුඹුර වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ එක්ව 2025 ජනවාරි මස 26 දින බිබිල, අලවත්ත කුඹුර වැව්බැම්ම ඛාදනය වීම සාර්ථකව වළක්වාගනු ලැබීය.
අභිමංසල-II සුවතා නිකේතනයේ භටපිරිස්හි මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, අභිමංසල-II සුවතා නිකේතනයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 21 දින විල්පිට වත්ත මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
23 පාබල සේනාංකයේ භටපිරිස් අයහපත් කාලගුණයෙන් අවතැන් වූවන් මුදවාගනී
231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ දිවුල්පතන ප්‍රදේශවාසීන් තිදෙනෙකු මුදවාගනිමින් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචි එම්. නිලූෂා කුමාරි මෙනෙවිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස 2025 ජනවාරි මස 22 දින නිල වශයෙන් භාරදීම සිදුකරනු ලැබීය.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
52 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 22 දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකරයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් හම්බන්තොට ක්‍රිස්තියානි දේවස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 ජනවාරි මස 21 දින සාර්ථකව අවසන් කරන ලදී.
221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින ත්‍රිකුණාමලය, සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂසේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් හානියට පත් වීරයාඩි වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 241 පාබල බලසේනාවට අයත් 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින හානියට පත් වීරයාඩි වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එම ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැව් බැම්ම තවදුරටත් ඛාදනය වීම වැළැක්වීම සඳහා භටපිරිස් විසින් එම වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරනු ලැබීය.
11 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
11 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඊ.ජි.ජේ.පී. එදිරිසිංහ යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 18 දින කිරුඩාවිල් හින්දු දමිළ මිශ්‍ර පාසලේ සහ ශිවප්‍රකාශ් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 125 දෙනෙකු වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.