නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

2025-01-03
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 14 වන අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ටී.ජි.එන්. ද සිල්වා 2025 ජනවාරි මස 01 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.

තව කියවන්න

ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

2025-01-03
ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජනවාරි මස 01 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

ඒකක පුහුණුකරු පාඨමාලා අංක - 50 සාර්ථකව අවසන්

2025-01-03
ඒකක පුහුණුකරු පාඨමාලා අංක - 50 සාර්ථකව අවසන්

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 2024 නොවැම්බර් මස 13 දින සිට 2024 දෙසැම්බර් මස 30 දින දක්වා එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ඒකක පුහුණුකරු පාඨමාලා අංක - 50 සාර්ථකව පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 28 දෙනෙකු සහභාගි වූහ.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් රාජකාරි අරඹයි

2025-01-03
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් යු.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

2025-01-01
51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 30 දින 511 පාබල බලසේනාවේ සහ 9 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්

2025-01-01
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාව

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 29 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පවත්වයි

2025-01-01
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබ

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකාය විසින් 2024 දෙසැම්බර් මස 26 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ හමුදා සාමාජිකයන් අතර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමයි.

මෙම දේශනය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාරණ සම්බන්ධීකාරක දුල්ෂානි තාරකා මහානාම මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා සහභාගී වූ පිරිස වෙත ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සටන් කිරීමේ අභියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදුන්නේය.

තව කියවන්න

හරිත ගොඩනැගිලි ආශ්‍රිත වෘත්තිකයන් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් 14 දෙනෙකු බඳවාගැනේ

2025-01-01
හරිත ගොඩනැගිලි ආශ්‍රිත වෘත්තිකයන් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 13 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල 2024 දෙසැම්බර් මස 19 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි ආශ්‍රිත වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථකව නිමකරනු ලැබූ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් 14 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී. ඒ අනුව, ඔවුන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලයේ වෘත්තිකයන් ලෙස නිල වශයෙන් ලියාපදිංචි කරනු ලැබීය.

තව කියවන්න

591 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-01-01
591 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 13 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව, එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ක්‍රිකට් තරඟාවලියක්, කෝවිල් පරිශ්‍රයේදී ආශිර්වාද පූජාවක් සහ කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජා පිංකමක් සංවිධානය කරන ලදී.

තව කියවන්න