ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙන නාවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල විවෘත කෙරේ

12th July 2023

පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.සි.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් විවෘත කළේය.

මෙම නවාතැන් සංකීර්ණය සුවපහසු කාමර හයකින් සමන්විත වන අතර එය යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අරමුදල් වලින් ඉදිකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. අබේසිංහ, විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.