before 2024

පසුගිය පුවත්

Select Article Types

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-10-05

වසර 36 ක සුවිශේෂී වෘත්තීය ජීවිතයකින් අනතුරුව යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
තව කියවන්න

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

2023-10-03

වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව සඳුදා (ඔක්තෝබර් මස 02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර සැමරුමට ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි

2023-09-28

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 28) දින පැවැත්විණ.
තව කියවන්න

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන් මාලාවක්

2023-09-25

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 511 පාබල බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, එක් සිසුවෙකු සඳහා රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලය බැගින් පරිත්‍යාග කෙරිණි.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-09-21

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල්...
තව කියවන්න

51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ

2023-09-20

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 12 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් පැවැත්විය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් අමතයි

2023-09-11

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) පදක්කම් ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ග්‍රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.
තව කියවන්න

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2023-09-08

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා බදාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව වෙබ් පිටුව සහ ‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම එළිදැක්වේ

2023-09-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් හඳුන්වාදෙනු ලබන ‘Trade Test Management System’ යෙදවුම එළිදැක්වීම පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගි විය.
තව කියවන්න

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේදී ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්වේ

2023-08-31

ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී ‘Modern Trends in Armour Technology and Tactics’ තේමාව ඔස්සේ පසුගිය සෙනසුරාදා (අගොස්තු මස 26) දින ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
තව කියවන්න