ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල් තබයි
20th February 2024
බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉඳිකිරීමට යෝජිත දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල තැබීම ආරක්‍ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින සිදුකරන ලදී.
එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් ද සහභාගි වූහ.