යුද්ධ හමුදාධිපතිතුමන් නව ජනාධිපතිතුමන් හමුවේ

5th October 2024

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද දින (ඔක්තෝබර් 04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු 9 වන විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාවිධායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් පත් වූ ජනාධිපතිතුමන් වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. එහිදී ජාතික ආරක්‍ෂාව තවදුරටත් ආරක්‍ෂා කිරීමට යුද්ධ හමුදාවේ අවශ්‍යතාවය ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කළේය.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රටේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා යුද්ධ හමුදාවේ නොසැලෙන කැපවීම සහ දායකත්වය පිළිබඳ හහතිකය ජනාධිපතිතුමන් වෙත ලබාදුන් අතර, වර්ථමාණයේ අභියෝගවලට මුහුණ දීම සඳහා යුද්ධ හමුදාවේ වත්මන් සූදානම පිළිබඳවද දැවනුවත් කරන ලදී. මීට අමතරව එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය සැමරීමේ කටයුතු පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජනාධිපතිතුමන් දැනුවත් කළේය.

මෙම හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ජනාධිපතිතුමන් වෙත සමරු ඵලකයක්ද ප්‍රදානය කරන ලදී.