‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි
19th September 2024
ඉන්දියාවේදී 2024 සැප්තැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවති ‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ හි පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබළ ඩබ්ලිව්.ජේ.ආර්. අල්විස් ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එහිදී, ඔහු මීටර් 15.62 ක දුරක් වාර්ථා කරමින් එම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ආධුනික සෙබළ එච්.ආර්.ඩී.එච්. රණස්ගල්ල කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය. එම ඉසව්වේදී මීටර් 5.73 ක පිම්මක් වාර්ථා කළ අතර එම පිම්ම තුළින් සිය දක්‍ෂතා සහ තරඟකාරීත්වය විදහා දක්වමින් තෙවන ස්ථානය දිනාගැනීමට ද ඇයට හැකියාව ලැබිණි.