බලපිටිය වෙරළ තීරයේ පැවති පිහිනුම් ශූරතාවලියේ ජය යුද්ධ හමුදාවට
2nd February 2023
බලපිටිය වෙරළ තීරයේ ජනවාරි මස 29 වන දින පැවති ‘වාර්ෂික විවෘත ජල පිහිනුම් ශූරතාවලිය - 2023 කිලෝමීටර් 10 ඉසව්වෙහි’ සමස්ත ශූරතාව නැවත වරක් හිමිකර ගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලිය සඳහා දිවයිනේ විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට අධික පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අවශ්‍ය පහසුකම් සහ මාර්ගෝපදේශ ලබාදෙමින් ජයග්‍රහණයන් සඳහා දිරිගන්වන ලදී.