යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්
6th November 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු භටපිරිස් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක් එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 දින පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ සුරතින් මෙම වියළි ආහාර සලාක පාර්සල් භටපිරිස් වෙත පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.