අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කළ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ කාර්යාලය විවෘත කරයි
6th November 2024
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ කාර්යාලය එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ සුරතින් 2024 ඔක්තෝබර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත මෙම කාර්යාලය නවීකරණය කරනු ලැබීය.
මෙම උත්සවය අතරතුරදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වෙනුවෙන් නානකාමර උපාංග පරිත්‍යාග කරන ලදී.