ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි
25th November 2024
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස දිල්රුක්‍ෂි විමලරත්න මහත්මිය 2024 නොවැම්බර් මස 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
නව සභාපතිනිය සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.