14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
6th November 2024
14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ සිල්වර්මිල් පදනම ඒකාබද්ධව 2024 ඔක්තෝබර් මස 24 දින කාලංකුට්ටිය ප්‍රදේශයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය. එහිදී, පවුල් සුබසාධනය සහ තිරසාර බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගර්භනී මව්වරුන් 20 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ ගොවි මහතුන් 80 දෙනෙකු වෙනුවෙන් පොල් පැළ 700 ක් පරිත්‍යාග කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ඉල්ලීමකට අනුව සිල්වර්මිල් පදනමේ සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.