ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 106 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

6th November 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභිමානවත් 106 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාවක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මිය සමඟින් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී සහභාගී වූහ.

එහිදී, වේයන්ගොඩ මොට්ටුන්න කිරීටාරාම විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේ විසින් අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කළ අතර රණක්‍ෂිතයට පත් හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කළේය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.