උණුසුම් පුවත්
විජයබාහු පාබල රෙජිමේන්තු වර්ණ ප්‍රදානෝත්සවයේදි එම රෙජිමේන්තුවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කෙරේ

යුද්ධ හමුදාව තුළ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ පාබල රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් සිව්වන වරටත් පවත්වනු...
විශ්‍රාම දිවියට පා තබන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
යුද්ධ හමුදාවේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනය ප්‍රදේශයේ නව නිවාස 769 ක් ඉදිකර අවසන්

වර්ෂ 2009 මැයි මාසයේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් වීමත් සමඟ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක විධිවිධාන ක්‍රමානුකූලව සිදුකරමින් පවතී. ඊට අමතරව...
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

වසර 34 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී....
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විශේෂ බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය භාර්යාව වන නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය, ගවේෂ් සුදාරක සෙනරත් යාපා සහ අසෙල් භානුක සෙනරත් යාපා යන පුතුන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව සඳුදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සවිබලගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන දායකත්වය යලිත් තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දස්කම් දක්වන කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ සිවිල් සේවක මහතෙකුගේ පාසල් සිසු සිසුවියන් දෙදෙනෙකු වෙත ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාග කරනු ලැබීය.
යුද විරුවන් දෙපළකගේ භාර්යාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාදරයට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිර්භීත සහ දේශප්‍රේමීත්වයෙන් යුත් යුද්ධ හමුදා ප්‍රවීණයන් ලෙස ජාතියේ ප්‍රශංසාවට හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය වෙත අද (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කරනු ලැබීය.
සැමට සෞභාග්‍යය, සතුට සහ සාමය උදාවන අලුත් අවුරුද්දක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඔබ සැමට සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා පිටත්ව යාමට පුහුණුවීම්වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම පසුගිය සිකුරාදා (24) දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
යුද්ධ හමුදා කාන්තා බිම් බෝම්බ ඉවත් කිරීමේ පළමු කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

ජාත්‍යන්තරව පිළිගත් ‘මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලා අංක - 01’ සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා කාන්තා බලකායේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡනය පැළඳවූයේය.