2023-01-02 15:27:13
2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී ‘ජාතියේ ආරක්ෂකයින්’ වන යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.
2022-12-31 23:29:30
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, 2023 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ:
2022-12-28 17:50:01
නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බදාදා (28) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2022-12-27 23:00:17
රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් පවත්වනු ලැබූ තාක්ෂණික පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටම සඳහා සුදුසුකම් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ වැඩසටහන අඟහරුවාදා (27) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2022-12-24 23:30:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභ්‍යාග සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2022-12-21 11:28:38
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (20) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.
2022-12-13 20:04:47
දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (R Hari Kumar) අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2022-12-10 04:38:41
ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ මෙරට යුද්ධ හමුදාවේ නිලධාරීන් විසිහයදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු, ගුවන් හමුදාවේ එක් නිලධාරීයෙකු, බංගලාදේශ හමුදාවේ එක් නිලධාරියෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (09) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.
2022-12-09 16:59:56
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අණ සහ මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ...
2022-12-08 18:44:13
‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව අත්‍යවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය නව මාවතකට යොමුකිරීම සහ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාවේ යුද්ධෝපකරණ අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යලි ස්ථාපිත කරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි හා පතුරොම් ගබඩා පරිශ්‍රයේදී අද (8) දින විවෘත කරන ලදී.