2022-05-15 13:37:22
සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුපමේය කැපවීමෙන් හා සැදැහැවත් බෞද්ධ බැතිමතුන්, යුද්ධ හමුදා සාමාජිකයින් ප්රමුඛ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය තුලින් මෙම බෞද්ධ විහාරස්ථානය වෙත වසරකට අඩු කාලයක් තුල නව පුනර්ජීවයක් ලැබීය.
2022-05-14 23:07:09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්රමුඛ යුද්ධ හමුදාවේ සියලු නිලධාරින් සහ සෙසුනිලයන් විසින් සියලු ලෝකවාසීන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන සාමය සතුට පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!
2022-05-08 17:42:05
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ජනතාවට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කිරීම වෙනුවෙන් ඉදිකරනු ලැබූ CIMIC උද්‍යානය ඉරිදා (08) දින කෝපායි ප්‍රදේශයේ පැවති උත්සවයකදී යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජනසතු කරන ලදී.
2022-05-04 15:26:57
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) අද (4) දින පෙරවරුවේ රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.
2022-04-30 10:15:43
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාම් භක්තික නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සිකුරාදා (29) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022-04-25 15:15:55
ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින් 107 වන Anzac දිනය වෙනුවෙන් අද (25) දින ‘Australia House’ හිදී උදෑසන දේව මෙහෙයක් පවත්වන ලදී.
2022-04-18 16:43:08
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.
2022-04-13 19:47:19
ප්රජාතන්ත්රවාදය සහ නිදහස සුරැකීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව තම ජීවිතය සහ අත් පා පුදකරමින් එදා යුදබිමේ සතුරාට එරෙහිව සටන්වැදුනු ආකාරයත්, යුද බිමේදී දැක්වූ නිර්භීතකම සහ උත්තරීතර පරිත්‍යාගයන් යළි ආවර්ජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් මස 13 දින සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බලනු ලැබීය.
2022-04-13 00:01:42
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සියලුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන සාමය සහ සතුට සපිරි සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!
2022-03-30 11:50:35
ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික කණ්ඩායමේ සම සභාපතිවරයා මෙන්ම බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ (British Conservative Party politician) දේශපාලනඥයෙකු වන ගරු මයිකල් නේස්බි පීසී සාමි (Rt Hon the Lord Michael Naseby PC) විසින් රචනා කරන ලද ‘ Sri Lanka: Paradise Lost; Paradise Regained ’ නම් ග්‍රන්ථය බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුමස්රණ ශාලාවේදී පසුගිය අඟහරුවාදා (29) දින සන්ධ්‍යාවේ එළිදක්වන ලදී.