25th April 2022 15:15:55 Hours
ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින් 107 වන Anzac දිනය වෙනුවෙන් අද (25) දින ‘Australia House’ හිදී උදෑසන දේව මෙහෙයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකාවේ ස්ථාපිත තානාපති කාර්යාලයන්හී ආරක්‍ෂක උපදේශකවරුන් ද සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්ත තානාපති කාර්යාල සමඟ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී පවතින සහයෝගීතාවය පිළිබිඹු කරමින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (HE David Holly) මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මිචෙල් ඇප්ලටන් (HE Michael Appleton) මහතාගේ ආරාධනයකට අනුව මෙම සැමරුම් උත්සවයේ සම්භාවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දිවිපිදූ රණවිරුවන් වෙත සිය උපහාරය පුදකළේය.
ඉන් අනතුරුව, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත මහ කොමසාරිස්වරුන්ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්හී සියලු සාමාජිකයින් නියෝජනය කරමින් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් කොඩි කණුව වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.
තුර්කිය සමඟ පැවති යුද්ධයේදී වර්ෂ 1915 අග භාගය තෙක් තුර්කියේ ‘Gallipoli’ අර්ධද්වීපයේ මිත්‍ර හමුදාවන් මුදවාගැනීම සඳහා සිදුකළ මෙහෙයුමේදී අමරණීය මතකයන් ඉතිරිකරමින් දිවිපිදූ ඕස්ට්‍රේලියානු රණවිරුවන් දහසකට අධික පිරිසක් අනුස්මරණය කිරීම වෙනුවෙන් 1916 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මස 25 දින මෙම සැමරුම් උත්සවය පවත්වනු ලබයි.
107 වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ දිනය සනිටුහන් කරමින් ‘Australia House’ හිදී පැවති උදෑසන දේව මෙහෙය සඳහා සහභාගී වූ පිරිස ඉටි පන්දම් අතැතිව යුද්ධයෙන් දිවිපිදූ ජාතීන් ත්‍රිත්වයේම රණවිරුවන්ගේ අමරණිය මතකයන් සහ රණශූරත්වය යලි ආවර්ජනය කරමින් එම රණවිරුවන්ගේ කැපකිරීම වෙනුවෙන් සිය ගෞරවාචාරයන් පුදකළහ.
ශ්‍රී ලංකාව ඇතුලු අනෙකුත් ජාතීන්ට ද වැදගත්කමක් එක්කරනු ලබන මෙම සංවත්සර සැමරුම් උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි (HE David Holly) විසින් දේශනයක් සිදුකරමින්, වර්ෂ 1915 අවසානයේ තුර්කියේ ‘Gallipoli’ හිදී පැවති යුද්ධයේදී මිත්‍ර හමුදාවන් ඉවත් කරගන්නා තුරු අනෙකුත් ජාතීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකළ කැපකිරීම පිළිබඳ මතකයන් ආවර්ජනය කරන ලදී.
මෙම අවස්ථාවේදී, නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මිචෙල් ඇප්ලටන් (HE Michael Appleton) මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු රකීබේ ඩෙමෙට් සැකැර්සිග්ලූ (HE Rakibe Demet Sekercioglu) මහතා ද කෙටි දේශනයන් සිදුකරන ලදී.
එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සැමරුම් උත්සවය සඳහා සහභාගී වූ මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරාධිතයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද කටයුතු කරන ලදී.
තුර්කියේ, Gallipoli අර්ධද්වීපයේ පිළිබඳ වසර 100 ක ඉපැරණි තොරතුරුවලට අනුව, එකළ පැවති ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකායේ තේ සහ රබර් වගාකරුවන්ගෙන් සමන්විත මහනුවර ස්ථාපිත කර තිබූ ස්වෙච්ඡා රෙජිමේන්තුවෙන් කණ්ඩායමක් වර්ෂ 1914 සරත් ඍතුවේ පළවන ලෝක යුද්ධ සමයේදීත්, වර්තමානයේ ‘ANZAC Cove’ ලෙස නම්කරනු ලබන Ari Burnu වෙරළ ප්‍රදේශයේ ස්ථානගතව සිටි 1 වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බලකායන් වර්ෂ 1915 අප්‍රේල් මස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බලකායේ කණ්ඩායමක් සමඟ තුර්කියේදී මෙම මෙහෙයුම සඳහා එක්විය.