2022-06-13 23:40:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා (11) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ පවුලේ සාමාජිකයින් ද එක් වූහ.
2022-06-13 23:26:13
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන වැඩම කිරීම සිහිපත් කරමින් සමරනු ලබන පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අප සැමගේ දුක් දුරු වී මාතෘභූමිය සමෘද්ධිමත් කිරීමට ධෛර්ය ලැබෙන්නා වූ, සියලු ලෝවැසි දනන්ගේ රෝග බිය දුරුකරන පින්බර ‘පොසොන්’ මංගල්‍යයක් වේවා!
2022-06-08 12:15:47
ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 740 දෙනෙක්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් පිහිටි තලංගම උතුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නේවාසික පහසුකම් සංකීර්ණය අද (8) දින උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී භටපිරිස් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
2022-06-01 11:04:31
ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා (1) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 24 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
2022-05-31 17:05:21
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අද (31) දින පැවති උත්සවයකදී ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්ව සිටියහ.
2022-05-30 19:57:40
යුද්ධ හමුදා ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සුබසාධන ව්‍යාපෘතීන්හී තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයෙන් නික්ම යාමට පෙර අද (30) පස්වරුවේ යුද්ධ හමුදා පවුල්වල විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ඇති දරු දැරියන් හට යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් හඳුන්වාදෙනු ලබන නව ‘SLT Mobitel’ පැකේජයක් සහ ශිෂ්‍යත්ව මාලාවක් පිරිනමනු ලැබීය.
2022-05-24 09:56:25
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) හී යුද්ධ හමුදා සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (23) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්වූහ.
2022-05-23 11:00:56
යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්රාග් ඓතිහාසික යුගයට උරුමකම් කියන විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ සුවහසක් බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022-05-19 10:01:25
රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හී, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සහ වීරත්වය ඇගයීම සඳහා වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පෙරවරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
2022-05-18 18:04:05
මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් වෙත රණවිරු අනුස්මරණ දිනයේදී ප්රමුඛත්වයක් ලබාදෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය මැයි මස 18 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.