30th May 2022 19:57:40 Hours
යුද්ධ හමුදා ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සුබසාධන ව්‍යාපෘතීන්හී තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයෙන් නික්ම යාමට පෙර අද (30) පස්වරුවේ යුද්ධ හමුදා පවුල්වල විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ඇති දරු දැරියන් හට යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් හඳුන්වාදෙනු ලබන නව ‘SLT Mobitel’ පැකේජයක් සහ ශිෂ්‍යත්ව මාලාවක් පිරිනමනු ලැබීය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් යුතුව සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදී.
ඉතා සහනදායී මිල ගණන් යටතේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ‘Viru Abhimana Mobitel Telecommunication Package’ පැකේජය හඳුන්වා දෙනු ලබයි.
ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සංකේතාත්මකව මෙම පැකේජය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාවේදී මවුබිමේ එකීයභාවය වෙනුවෙන් දිවිපිදූ විරෝදාර පරම වීර විභූෂණ පදක්කම්ලාභීන් වන ගැමුණු හේවා බලකායේ කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක ගේ භාර්යාවට සහ සැරයන් පී.එම්.එස්. බණ්ඩාර ගේ භාර්යාව වෙත ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් යුද්ධ හමුදාවේ අසමසම කාර්යභාරය ඇගයීමට ලක්කරමින් ‘පරම වීර විභූෂණ’ පදක්කම්ලාභී වීරෝදාර ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් වසරක කාලයක් මෙම පහසුකම නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය ඒකාබද්ධව 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරුවන් 13 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
ඒ අනුව, සෑම දරුවෙකුටම මෙම ව්‍යාපෘතිය යටතේ වසරක කාලයක් සඳහා රුපියල් 120,000/= මූල්‍ය ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ මේජර් ජෙනරල් ලාල් වීජේතුංග ගේ දියණිය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එස්.එම්.පී.ජී.ඩී.එස්. බණ්ඩාර ගේ පුතනුවන් වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සංකේතාත්මකව මෙම මුදල් චෙක්පත් ප්‍රදානය කරන ලදී.
ඒ අනුව, එම සිසුන් 13 දෙනා වෙත ‘Viru Abhimana Mobitel Telecommunication Package’ පැකේජයට අමතරව ජංගම දුරකථනයක් ද ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය වෙතින් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව වෙතින් සෑම දරුවෙකුටම විශේෂ ත්‍යාග පාර්සලයක් ද මෙම අවස්ථාවේදී ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සුබසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ මූල්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සුජිත් හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ අලෙවි ප්‍රධානී නුවන් තිලකවර්ධන මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සහ ප්‍රධාන අලෙවි හා සංවර්ධන නිලධාරී ශෂික සෙනරත් මහතා ද එක්වූහ.