13th June 2022 23:40:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා (11) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ පවුලේ සාමාජිකයින් ද එක් වූහ.
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමන්පිච්ච මල් වට්ටියක් පිළිගන්වමින් දළඳා මාලිගා පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය. පසුව ආගමික වතාවත්වල නිරතවීම සඳහා බුද්ධ මන්දිරය වෙත කැටුව යනු ලැබීය. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එම ස්ථානයේ වැඩසිටි මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ලොවුතුරා බුදුපියාණන් වහන්සේ උදෙසා ගිලන්පස පූජා කර ආගමික වතාවත්වල නිරතවිය. අනතුරුව මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දියවඩන නිලමේ තුමන්ගේ කාර්යාලයේදී දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා සමඟ ද සුහඳ සාකච්ඡාවක නිරත විය. එම සුහඳ හමුව අවසානයේදී දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී.
ඉන් අනතුරුව, නව යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී බාරගැනීම සනිටුහන් කරමින් සම්ප්‍රදානුකූලව පවුලේ සාමාජිකයින් සමඟ මල්වතු පාර්ශවයේ මහානායක හිමි බැහැදකින ලදී. එහිදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් නව යුද්ධ හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීමටත්, අනාගතයේදීත් රට ආරක්‍ෂා කර ගනිමින් යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා ශක්තිය ලැබේවායි ආශීර්වාද කරන ලදී.
අනතුරුව නව යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක වැදපුදා පිරිකර පූජාකර ආශිර්වාද ලබාගත්තේය. එහිදී මහානායක හිමියන් විසින් නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි බාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය සතුට ප්‍රකාශ කරමින් එහිදී සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සිදුකරගෙන යනු ලබන සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව තවදුරටත් සිදුකරගෙන යන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, එම පවුලේ ඥාතීන්, යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුද සහභාගී වූහ.
එම අවස්ථාවේදී මෙරට කෘෂිකාර්මාන්ත කටයුතු සම්බන්ධව යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්, භාවිතයට නොගෙන අත්හැර දමා ඇති රජයේ ඉඩම් සියල්ල අස්වැද්දීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.