06th January 2017 20:24:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවාගැනිම සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජනවාරි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.
06th January 2017 20:23:59 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 65 වන සේනාංකය යටතේ ස්ථාපිත මුලන්කාවිල් හි පිහිටි 651 බලසේනා මූලස්ථානයේ සඳුදා (2) දින ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස රාජකාරී කරමින් සිටි භට පිරිස් විසින් බරපතල ලෙස තුවාල ලැබූ මුවදෙනක් හට ක්ෂණිකව ප්‍රතිකාර සිදු කරනු ලැබීය.
04th January 2017 19:32:58 පැය
රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ...
04th January 2017 19:31:40 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තියේ දෙවන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් එක්ව බදාදා (4) දින පැළ 13,200 ක් රෝපණය කරනු ලැබීය.
04th January 2017 19:30:42 පැය
යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.
03rd January 2017 08:41:23 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (02) උදෑසන රාගම පිහිටි රණවිරු සෙවන වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් 2017 නව වර්ෂය වෙනුවෙන් ඔවුන් හට සුභ පැතුම් ද එක්කළහ.
02nd January 2017 16:24:07 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
30th December 2016 17:13:01 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මහජන චින සමුහාණ්ඩුවේ ආරක්ෂක උපදේශක අද (30) දින පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී වෙන්වෙන් වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
30th December 2016 17:10:34 පැය
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය සෙනසුරාදා (දෙසැම්බර් 31 ) දින අවසන් විය.
29th December 2016 20:10:03 පැය
විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලා අංක 58 හැදෑරු තවත් කණ්ඩායමක් පසුගිය සිකුරාදා (30) දින මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී විසිරයන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි සහභාගි වූ අතර, උත්සවය ඇමතු හෙතෙම විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාවේ වැදගත්කම අවධාරණය කරන ලදි.