30th December 2016 17:13:01 Hours
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මහජන චින සමුහාණ්ඩුවේ ආරක්ෂක උපදේශක අද (30) දින පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී වෙන්වෙන් වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
ශ්‍රී ලංකාවේ තම තෙවසරක රාජ්‍යතාන්ත්‍රික රාජකාරි නිමාවෙන් පසු නික්මයන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් ප්‍රථමයෙන් යුද හමුදාපතිතුමා හමුවිය.
එහිදි කපිතාන් ගෝපාලන් ශ්‍රී ලංකාව තුල රාජකාරි කිරීමේ දී සිදු වූ මතකයන් සිහිපත් කළ අතර, විශේෂයෙන් යුද හමුදාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබාදුන් සහයෝගය ද අගය කරනු ලැබිය.
එමෙන්ම, මහජන චින සමුහාණ්ඩුවේ ආරක්ෂක උපදේශක ද සිය අනුප්‍රාප්තික නිලධාරී සමඟින් අද (30) පස්වරුවේ යුද හමුදාපතිතුමා හමුවන ලදි.
මෙම සමුගැනීමේ අවස්ථාවේ දී කොළඹ පිහිටි මහජන චින සමුහාණ්ඩු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර සුහඳ පිළිසදරක් ද විය.
මෙම සුහද හමුවිම් අවසානයේ දී නික්මයන ආරක්ෂක උපදේශකයින් සහ යුද හමුදාපතිතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිනි.
latest Running Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp