04th January 2017 19:31:40 Hours
අතිගරු ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තියේ දෙවන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් එක්ව බදාදා (4) දින පැළ 13,200 ක් රෝපණය කරනු ලැබීය.
ඒ අනුව, වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත එම මූලස්ථාන පරිශ්‍රයේ මී පැළ 2800 ක් පමණ රෝපණය කරනු ලැබූ අතර, මේ සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
එමෙන්ම එදිනම (4) කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මග පෙන්වීම මත රුක් රෝපන වැඩසටහනක් දියත් කළ අතර, ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙත අඹ , ඇසළ, කොහොඹ, තේක්ක සහ තල් ආදී පැළ 2100 පමණ ලබාදෙන ලදි.
ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පී.ජේ රත්නායක සමගින් සේනාංක, බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූ අතර, යුද හමුදා සාමාජිකයින් ද එම අවස්ථාවට සහභාගි වූහ.
අනෙකුත් ආරක්ෂක සේනා මූලස්ථාන මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ද මේ හා සමාන රුක් රෝපන වැඩසටහනක් එම මුලස්ථාන පරිශ්‍රයේ සහ එහි සේනාංක, බලසේනා සහ ඒකකයන්හි ක්‍රියාත්මක කරන ලදි. 100 අධික පැළ සංඛ්‍යාවක් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රෝපනය කළ අතර, මීට අමතරව පැළ සිය ගණනක් ඒ යටතේ වන සේනාංක, බලසේනා සහ ඒකකයන් වෙත ලබාදෙන ලදි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම රුක් රෝපනය කිරිමේ වැඩසටහන සඳහා එහි ආඥාපති වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් පි.බි.එස්. ද සිල්වා සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙදින වැඩසටහන සඳහා එක්ව සිටියහ.
එමෙන්ම, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය දියත් කළ රුක් රෝපන වැඩසටහනේ ප්‍රථම අඹ පැළය එහි ආඥාපතිතුමා අතින් මුලස්ථාන පරිශ්‍රයේ දී එදින (04) රෝපනය කරන ලදි. මීට සමගාමිව පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි සියලුම රෙජිමේන්තු තුල සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක තුල ද පැළ 200 කට ආසන්න සංඛ්‍යාවක් රෝපනය කරන ලදි.
තවද, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක තුල පැළ 5600 ක් පමණ රෝපනය කරමින් මෙම වැඩසටහන සඳහා දායක විය. මෙහි සමාරම්භ උත්සවය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් අතුල හෙන්නදිගේ ගේ සහභාගීත්වයෙන් වැලිකන්ද, සිද්ධපුරම් ගොවිපලේ දී පැවැත්විය.
මේ අතරතුර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ ප්‍රධානත්වයෙන් තවත් රුක් රෝපන වැඩසටහනක් 11 වන සේනාංක මුලස්ථානයේ දී පැවැත්විය. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ වන දියතලාව, මැණික් කන්ද, බිංගේතැන්න ප්‍රදේශ ආවරණය වන පරිදි පැළ 2400 ක් සිටුවන ලදි.
jordan Sneakers | Nike Air Max 270