Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2016 20:10:03 Hours

විශේෂ පාබල මෙහෙයුම් කණ්ඩායමක් මාදුරුඔය දී විසිරයති

විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලා අංක 58 හැදෑරු තවත් කණ්ඩායමක් පසුගිය සිකුරාදා (30) දින මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී විසිරයන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි සහභාගි වූ අතර, උත්සවය ඇමතු හෙතෙම විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාවේ වැදගත්කම අවධාරණය කරන ලදි.

මෙය යුද හමුදා මුලස්ථාන පාබල අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟපෙන්විම යටතේ නිත්‍ය පාබල රෙජිමේන්තු සඳහා වූ විශේෂිත පුහුණු පාඨමාලාවක් වේ.

මාස හයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 181 ක් සහභාගි වූහ.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි, අණදෙන නිලධාරීවරුන් සහ ප්‍රධාන උපදේශක විසින් පාඨමාලාලාභීන් වෙත පාඨමාලාව සඳහා වූ ලාංඡන පැළඳවිම ද මෙහිදි සිදුකරනු ලැබීය.

Sportswear Design | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News