06th January 2017 20:23:59 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 65 වන සේනාංකය යටතේ ස්ථාපිත මුලන්කාවිල් හි පිහිටි 651 බලසේනා මූලස්ථානයේ සඳුදා (2) දින ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස රාජකාරී කරමින් සිටි භට පිරිස් විසින් බරපතල ලෙස තුවාල ලැබූ මුවදෙනක් හට ක්ෂණිකව ප්‍රතිකාර සිදු කරනු ලැබීය.
එහිදි භට පිරිස් විසින් එම මුවදෙන කඩිනමින් කදවුර තුළට රැගෙන ගොස් එම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලදි.
වෛද්‍ය සහයකයින් දෙදෙනෙකුගේ ද සහයෝගයෙන් පැය 18 ක පමණ කාලයක් තුල ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මුවදෙන සුවය ලැබීය.
අනතුරුව භට පිරිස් අඟහරුවාදා (3) දින එම මුවදෙන කිළිනොච්චි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කිරිදරන් මහතා වෙත භාර දෙනු ලැබීය.
එම මුව දෙන වැඩිදුර ප්‍රතිකාර සහ වනයට මුදවා හැරීමට පෙර වෛද්‍ය කිරිදරන් මහතා විසින් යුද හමුදා භට පිරිස් සිදු කරනු ලැබූ එම සත් ක්‍රියාව වෙනුවෙන් සිය ස්තුතිය පිරිනමනු ලැබීය.
latest jordan Sneakers | Women's Nike Superrep