2017-04-12 15:00:42
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එස්.එච්.එෆ්.පි. පෙරේරා රාජකාරි භාර ගන්නා ලදී. නව තනතුරේ රාජකාරි භාරගැනිමට පැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම මුලස්ථානයේ දී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ.....
2017-04-11 18:47:10
දානපතියෙකු වූ කේ.සී. පුෂ්පකුමාර මහතා විසින් ගැමුණු හේවා රෙජිමේන්තුවට පරිත්‍යාග කරන ලද සමන් දෙවියන්ගේ ප්‍රතිමාව කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති සුමන සමන් දේව මන්දිරයේ තැන්පත් කිරීමේ ආගමික උත්සවය පසුගියදා පැවැත්විනි.
2017-04-09 11:50:24
මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බදාදා (05) දින මහනුවර, පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගන්නා ලදි. එහිදි නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.
2017-04-09 11:47:24
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය සහ කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්විම මත තෝරාගත් ගොවින් පිරිසක් සඳහා මාස තුනක කාල සීමාවක් පුරා පැවැත් වුණු වගා පුහුණු වැඩසටහන පසුගියදා කන්දකාඩු ගොවිපළේ දී චාම් උත්සවයකින් අවසන් විය.
2017-04-09 11:46:30
යුද හමුදා භට පිරිස් තුල තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම තව තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වසරේ පැවැත් වු පළමු පරිගණක පාඨමාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංක මූලස්ථානයේ දී සාර්ථක ලෙස අවසන් විය.
2017-04-09 11:46:28
බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සිකුරාදා (07) දින ගල්කුලම පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි. එම කඳවුරු පරිශ්‍රයේ දී නව සේනාංකාධිපති වෙත 27 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරයක්....
2017-04-09 11:45:24
කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංක මුලස්ථානයේ 10 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්.ජේ.එස්. ගුණවර්ධන සිකුරාදා (06) දින සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.
2017-04-09 11:40:28
නව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ සෙනසුරාදා (20) දින සංචාරයක යෙදෙන ලදී.
2017-04-09 10:48:58
මාර්තු මස 31 සිට අප්‍රේල් මස 04 දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත යුද හමුදා.......
2017-04-09 10:47:41
අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ දැනට නේවාසිකව පුනරුත්ථාපනය වෙමින් සුවය ලබන ආබාධිත රණවිරුවන් විවිධ සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සමඟින් සැමරු නව අවුරුදු උත්සවය සිරස ටිවී ‘පැතිකඩ’ වැඩසටහන තුලින් අප්‍රේල් 12, 13 සහ 14 යන දිනයන්හි දී උදෑසන 6.00 ට නැරඹිය හැක.