Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2017 18:47:10 Hours

සුමන සමන් දේව ප්‍රතිමාව ගැමුණු හේවා රෙජිමේන්තු විහාර පරිශ්‍රයේ තැන්පත් කරයි

දානපතියෙකු වූ කේ.සී. පුෂ්පකුමාර මහතා විසින් ගැමුණු හේවා රෙජිමේන්තුවට පරිත්‍යාග කරන ලද සමන් දෙවියන්ගේ ප්‍රතිමාව කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති සුමන සමන් දේව මන්දිරයේ තැන්පත් කිරීමේ ආගමික උත්සවය පසුගියදා පැවැත්විනි.

මාසයක් පුරා දැරණියගල සුමන සමන් දේවාලයේ පුද පූජා පවත්වා අලංකාර පෙරහැරකින් වැඩමකරවන ලද මෙම ශෛලමය සුමන සමන් දේව ප්‍රතිමාව, ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ විසින් භාරගැනීම සිදුකළහ.

සිරිපාගම මහමෙවුනා අසපුවේ භික්ෂුන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම ප්‍රතිමාව තැන්පත් කරන ලදි.

ඉන් අනතුරුව අදාළ ආගමික කටයුතු පැරඩයිස් විෂ්ණු දේවාලයේ දේවගැති වීරවර්ධන කඩවතආරච්චි මහතා සහ දැරණියගල සුමන සමන් දේවාලයේ දේවගැති මහින්දපාල රත්නසිරි මහතා විසින් සිදු කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bridge media | Nike Air Force 1 , Sneakers , Ietp STORE