Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2017 10:48:58 Hours

තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය - 2017 යුද හමුදා කෘෂිකාර්මික කුටිය නැරඹිමට විශාල පිරිසක්

මාර්තු මස 31 සිට අප්‍රේල් මස 04 දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟපෙන්විමෙන් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශණ කුටිය නැරඹිම සඳහා විශාල පිරිසක් පැමිණෙන ලදි.

ඒ අනුව ‘ධාර්මික ගොවිතැනක් වසවිස නැති රටක්’, ‘වකුගඩු රෝග නිවාරණය’, ‘වසවිස නැති රටක්’, ‘පොලිතින් භාවිතය පිටු දැකීම’, ‘ආහාර භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය’, ‘දෙමුහුන් බිජ නිශ්පාදනය’ යන තේමාවන් ආවරණය වන පරිදි යුද හමුදා ප්‍රදර්ශණ කුටිය ජනතාවට විවෘත වී තිබුණි.

ළමුන් වෙනුවෙන් චිත්‍ර තරඟ, අංගම්පොර ප්‍රදර්ශණ, වස විස නැති ආහාර පිළියෙල කිරිමේ වැඩසටහන්, සෞඛ්‍ය සායන, හරිත රැකියා පොළ, හරිත ව්‍යවසායකයින් සඳහා සහාය වැඩසටහන්, පර්යේෂණ වාර්ථා ප්‍රකාශයට පත් කිරිම, නව නිර්මාණ ප්‍රදර්ශණය, විවාද තරඟ, චිත්‍රපට ප්‍රදර්ශණය, ගොවි හමුව, පරිභෝගික ප්‍රශ්ණ සඳහා විසදුම්, ශාරීරික යෝග්‍යතා වැඩසටහන් සහ බුද්ධිමය සාකාච්ඡා ජාතික වශයෙන් වැදගත් වන වැඩසටහන් මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ අංගයන් වේ.

රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, කුඩා ව්‍යවසායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මුල සංවිධාන, සමුපකාර සමිතිය, විද්‍යාඥයින්, චිත්‍ර ශිල්පින්, පර්යේෂකයින්, නව නිපයුම්කරුවන්, මාධ්‍යවේදින්, පාසල් ළමුන්, තරුණයින්, ගොවි සංවිධාන, පාරිභෝගිකයින් සහ තවත් නිෂ්පාදකයින් මෙම ප්‍රදර්ශණය සඳහා නිර්මාණ ඉදිරිපත් කර ඇත.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ‘වස විසෙන් තොර ජාතියක්’ තුන් අවුරුදු වැඩසටහන සහ එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් අරමුණු කරගත් දින 5 ක් පුරා පැවති මෙම ජාතික වැඩසටහනට විශාල ජනකායක් සහභාගිවූහ.

මෙම තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය මාර්තු මස (31) වන දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Sports Shoes | UK Trainer News & Releases