Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2017 11:40:28 Hours

නව යාපනය ආඥාපතිතුමන් උතුරු - ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක යෙදේ

නව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ සෙනසුරාදා (20) දින සංචාරයක යෙදෙන ලදී.

මෙහිදී ප්‍රථමයෙන් මෙම ආඥාපතිතුමන්ව උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් සනත් පෙරේරා විසින් පිළිගන්නා ලදී. අනතුරුව නව ආඥාපතිතුමන් වෙත 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපතිතුමන් විසින එම බළප්‍රදේශයේ භට පිරිස් හී පරිපාලනය සහ සුභසාධනය පිළිබඳව පැහැදිලි කිරිමක් සිදු කළ අතර පසුව නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ඉදිරි නඩත්තු පෙදෙසේ භට පිරිස් අමතන ලදී. අනතුරුව මෙම සංචාරය සංකේතවත් කරමින් උතුරු ඉදිරි නඩත්තු පෙදෙස් පරිශ්‍රයේ දී පැළයක් ද රෝපණය කරන ලදී.

අවසානයේ දී සියලුනිල දිවාභෝජන සංග්‍රහයක් ද එම පරිශ්‍රයේ පැවති අතර එහිදී පැමිණ සිටි භට පිරිස් හා අදහස් හුවමාරු කරගැනිමට අවස්ථාවක් ද ආඥාපතිතුමාහට හිමිවිය. ඉන් පසුව මෙම අවස්ථාව සිහිවීමට අමුත්තන්ගේ සටහන් පොතේ සටහනක් ද ආඥාපතිතුමන් විසින් තබන ලදී.

මෙම අවස්ථාවට එම මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගි විය.

buy shoes | FASHION NEWS