2018-07-17 14:54:43
කෑගල්ල, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේ ආධුණික පුහුණු පාඨමාලා අංක - 25 යටතේ මාස 04 කට අධික කාලයක් මූලික යුධ පුහුණුව සාර්ථක හැදෑරු නව ආධුණික සෙබළුන් 142 ක් සෙනසුරාදා (14) දින පැවැති උත්සවයක දී විසිරයන ලදී. සංස්කෘතික සංදර්ශනයක්, වර්ණවත් ශාරීරික අභ්‍යාස සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක් සහ ටයිකොන්ඩෝ සටන් ක්‍රම....
2018-07-17 13:50:39
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් හසලක ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වන අනුස්මරණ උත්සවයට සමගාමීව අනුස්මරණ උත්සවයක් සඳුදා (16) දින හසලක ප්‍රදේශයේ පිහිටා ඇති අභීත රණවිරුවාගේ පිළිරුව අභියස දී පවත්වන ලදි.
2018-07-17 13:25:09
දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව, 22 වන සේනාංක භට පිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සමඟ එක්ව ත්‍රිකුණාමලය සහ ඒ අවට ප්‍රදේශයන්වල ජුලි මස 13 සහ 14 යන දිනයන්හිදි දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එම දෙදින වැඩසටහනේ දී රජයේ නිලධාරින් සහ යුද්ධ හමුදා භට පිරිස් .....
2018-07-17 13:24:09
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ක්‍රීඩා ගම්මානයේ ඉදිකරමින් පවතින නිල නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
2018-07-17 13:23:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනාවේ භට පිරිස් පසුගියදා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. ඒ අනුව, ප්‍රදේශයේ ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු....
2018-07-17 13:13:09
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 180 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහනක් එම දිස්ත්‍රික්කයන්හි පළාත් බලධාරීන්ගේ සම්බන්ධිකරණයෙන් ජුලි මස 12 සහ 13 දිනයන්හි දී පවත්වන ලදි.
2018-07-17 11:27:41
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය සිවිල් වැසියන්ගේ සහ භට පිරිස් හි විනෝදාස්වාදය වෙනුවෙන් ඉරිදා (15) දින පැවති ලෝක පාපන්දු අවසන් මහා තරඟය කිලිනොච්චි, කනගපුරම් ක්‍රීඩාංගණයේ දී පුළුල් එල්ඊඩී තිරයක් ආධාරයෙන් නැරඹීමට අවස්ථාව උදාකර දෙන ලදි.
2018-07-16 15:49:25
කැනඩාවේ ‘තරුණ ළමයින්ගේ එකතුවේ’ අනුග්‍රහය ඇතිව 571 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ඉරිදා (15) දින කිලිනොච්චි පන්නක්කණ්ඩි දමිළ මිශ්‍ර පාසලේ සිසුන් සඳහා රුපියල් 600,000/= ක වටිනාකමින් යුතු පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ සහ කාර්යාලීය උපකරණ ....
2018-07-16 14:37:01
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 57 වන සේනාංකය විසින් සිදු කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දකුණු ‘ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ අනුග්‍රහය ඇතිව ප්‍රදේශයේ දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
2018-07-16 13:55:50
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය ධානපතින් දෙදෙනෙකුගෙන් ලැබුණු සහයෝගය මත ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ අඩු ආදායම්ලාභි පවුල් සඳහා පාසල් නිල ඇඳුම්, වියලි සලාක, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් සිකුරාදා (13) දින....