16th July 2018 13:55:50 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය ධානපතින් දෙදෙනෙකුගෙන් ලැබුණු සහයෝගය මත ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ අඩු ආදායම්ලාභි පවුල් සඳහා පාසල් නිල ඇඳුම්, වියලි සලාක, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් සිකුරාදා (13) දින බෙදාදෙනු ලැබීය.
එහිදි 23 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මහසෙන්පුර ප්‍රදේශයේ සිවිල් වැසියන් හට වියළි සලාක ද, මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුන් හට පාසල් නිල ඇඳුම් ද බෙදාදෙනු ලැබීය. වැලිකන්ද, මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ පැවැති මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක සහභාගි විය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව, සංජය ගුණසේකර සහ තාරක රත්නවීර යන මහත්වරුන් දෙපලගේ ධන පරිත්‍යාගයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. Mysneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov