Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2018 14:37:01 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චියේ අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙත නව නිවසක් ඉදිකෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 57 වන සේනාංකය විසින් සිදු කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දකුණු ‘ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ අනුග්‍රහය ඇතිව ප්‍රදේශයේ දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

එම නව නිවස ඉදිකිරීම සඳහා එම පවුලේ සාමාජිකයින් සහ 57 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ඉරිදා (15) දින සුභ මොහොතින් මුල්ගල තබන ලදි.

මෙම ව්‍යාපෘතිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත ධානපතින්ගේ අනුග්‍රාහය ඇතිව 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සති කිහිපයත් තුලදි අවසන් කිරීමට නියමිතය. Sports Shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf