2018-09-11 11:41:34
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය වෙත හමුදා සම්ප්‍රදායානුකුලව හමුදා සම්මාන ආචාරය පිදීමේ උත්සවය සෙනසුරාදා (8) දින වව්නියාව එම සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.
2018-09-10 19:24:03
61 වන සේනාංකය විසින් ක්‍රියාත්මක කරනු ලබන වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර වශයෙන් මඩු, ඉච්චන්කුලම් සහ නන්දිකඩාල් ප්‍රදේශ වල වෙසෙන තෝරාගත් අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් සඳහා සකස්කරන ලද කෘතිම අත් පාදවල අනුකූලතාවය පරික්ෂාකිරිම සිකුරාදා (7) දින 613 වන බලසේනා මූලස්ථානයේ දී පවත්වන ලද අතර පසුගිය මාසය තුලදී එම සිවිල් වැසියන්ගේ අවශ්‍ය මිනුම් ගැනීම සිදුකරන ලදී.
2018-09-10 19:16:08
ජාතික රුක් රෝපණ ව්‍යාපෘතියට සමඟාමීව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහතේවැල ප්‍රදේශයේ සහ දියතලාව යුද්ධ හමුදා ජනපදය ප්‍රදේශයේ සිකුරාදා (7) දින කොස් පැල සිටුවීමේ වැඩසටනක් දියත් කරන ලදී.
2018-09-10 19:16:00
කිලිනොච්චි ප්‍රදේශයේ මේ දිනවල පවතින් වියළි කාලගුණික තත්වය හේතුවෙන් සහ ජලය නොමැතිකමින් පීඩා විදින සිවිල් වැසියන් සඳහා සිය මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ...
2018-09-10 16:32:23
යුද්ධ හමුදාධිපතිතුමාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 3 දෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට...
2018-09-10 16:28:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රුක් රෝපණ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළු සේනාංක, බලසේනාංක සහ ඒකකයන් හි අඹ හා පොල් පැල රෝපණය සඳහා මුලික පියවරයන් ගෙන් තිබේ.
2018-09-10 16:05:26
යුද්ධ හමුදා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් 7 වැනි වරටත් අන්තර් රෙජිමේන්තු රග්බී ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සමත් වු අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සියළුම ක්‍රීඩකයන් සහ සියළුම සාමාජිකයින්ගේ කැපවීමේ ප්රතිඵලයකි.
2018-09-10 15:22:28
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානය හා මහනුවර මහ නගර සභාව එක්ව සංවිධානය කරන ලද දේශය වෙනුවෙන් දිවිපිදු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවානන්ගේ 26 වන ගුණානුස්මරණ උත්සවය පසුගියදා මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව උද්‍යානයේ දී පවත්වන ලදී.
2018-09-10 15:08:27
කීරලගල රාජ මහා විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු වව්නියාව 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 213 වන බලසේනාවේ භට පිරිස් දින 05 ක කාලසීමාවක් තුලදී නිම කිරීමට සමත් වු අතර, අභිනව බුද්ධ මන්දිරය අගෝස්තු මස 26 වන දින බැතිමතුන්ගේ වන්දනාමන කටයුතු සඳහා විවෘත කරන ලදී.
2018-09-09 21:58:47
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුද්ධ හමුදා සුවසහන මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් හට දඹදිව සිද්ධස්ථාන වන්දනාමාන කිරිමේ වැඩසටහනේ දෙවන අධියර යටතේ රණවිරුවන් 15 දෙනෙකු සඳහා අඳාල ගුවන් ටිකට් පත් ප්‍රධානය කිරිම අඟහරුවාදා (4) දින......