Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2018 15:22:28 Hours

දේශය වෙනුවෙන් දිවිපිදු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය මහනුවරදී

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානය හා මහනුවර මහ නගර සභාව එක්ව සංවිධානය කරන ලද දේශය වෙනුවෙන් දිවිපිදු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවානන්ගේ 26 වන ගුණානුස්මරණ උත්සවය පසුගියදා මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව උද්‍යානයේ දී පවත්වන ලදී.

මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි.ජේ නානයක්කාර සහ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දේශය වෙනුවෙන් දිවිපිදු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවානන්ගේ ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කර පුෂ්පෝපහාර දක්වන ලදී.

මෙම ගුණානුස්මරණ උත්සවය සඳහා 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි 01 ක් හා යුද්ධ හමුදා සාමාජිකයන් 34 දෙනෙකු, ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව විරුවානන්ගේ පවුලේ ඥාතින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ. Sports News | Nike