Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2018 11:41:34 Hours

නිල උසස්වීම් ලද සේනාංකාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගනී

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය වෙත හමුදා සම්ප්‍රදායානුකුලව හමුදා සම්මාන ආචාරය පිදීමේ උත්සවය සෙනසුරාදා (8) දින වව්නියාව එම සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී සේනාංකාධිපතිතුමන් හට 56 සේනාංකය යටතේ වන 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සේනාංක මුලස්ථාන පිවිසුම් දොරටුව අසළදී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

අනතුරුව, සේනාංකාධිපතිතුමන් විසින් සියළු නිලයින් සමඟ තේපැන් සංග්‍රහය සඳහා එක් වු අතර මෙම අවස්ථාව සිහිවනු වස් 56 වන සේනාංකය යටතේ ස්ථාපිත 561, 563 වන බලසේනාංකයන් හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය සමගින් සමූහ ඡායාරූපයකට ද එක්විය. latest Running Sneakers | Nike