Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2018 19:16:08 Hours

බණ්ඩාරවෙල ජාතික රුක් රෝපණ වැඩසටහන සඳහා යුද්ධ හමුදා භට පිරිස් හි සහාය

ජාතික රුක් රෝපණ ව්‍යාපෘතියට සමඟාමීව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහතේවැල ප්‍රදේශයේ සහ දියතලාව යුද්ධ හමුදා ජනපදය ප්‍රදේශයේ සිකුරාදා (7) දින කොස් පැල සිටුවීමේ වැඩසටනක් දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් දායකත්වය දක්වන ලදී. තවද, මෙම පරිසර හිතකාමී වැඩසටහනට සමඟාමීව පවත්වන ලද කොස් පැල රෝපණය කිරිමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් ඊ.ආර්.පී වීරවර්ධන ඇතුළු නිලධාරින් 15 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 110 දෙනෙකු සහභාගි වුහ.

දිවයින පුරා කොස් පැල ලක්‍ෂයක් සිටුවිමේ රජයේ ව්‍යාපෘතියට සමඟාමීව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන අතර මෙම අවස්ථාවට සපැමිණි කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් විසින් සිවිල් වැසියන් වෙත කොස් පැල සහ බීජ අල බෙදාදීමක් ද සිදුකෙරිණි. Sports brands | Nike - Shoes & Sportswear Clothing